Saturday, December 28, 2024

General line - 0115112241

අද රාත්‍රීයෙත් අග‍්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාක්

හේමන්ත කහවලගේ




එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් අතර හමුවක් අද (18) පෙරවරුවේ පැවැත්වුණා.

කෙසේ වෙතත් එහිදී වත්මන් දේශපාලන අර්බුධය පිළිබඳව කිසිවක් සාකච්ඡා නොවීම විශේෂත්වයක්. එහිදී ප‍්‍රධාන වශයෙන් අවධානය යොමුව ඇත්තේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු අදාළ පළාත් පාලන ආයතන වල එක්සත් ජාතික පක්ෂයේ කි‍්‍රයාකාරීත්වය පිළිබඳවයි.

ඡන්ද විමසීමේදී පරාජයට පත්වූ පුද්ගලයින් පළාත් පාලන ආයතනවල සමානුපාතික මන්තී‍්‍රධූර සඳහා පත් කරන්නේද නැතහොත් ලැයිස්තුවේ සිටින වෙනත් අය පත් කරන්නේද යන්න පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම, කාන්තා නියෝජනය සම්පූර්ණ කරන්නේ කෙසේද යන්න පිළිබඳවද සාකච්ඡාවට ලක්ව ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව පළාත් පාලන ආයතන පිහිටුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරිමටද අද පෙරවරුවේ පැවැති රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම අද (18) රාති‍්‍රයේද යළි හමුවීමට නියමිතයි.

රාති‍්‍ර 08 යි 30 ට එම හමුව ආරම්භ වනු ඇති. එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම හමුවට සහභාගී වන මන්තී‍්‍රවරුන්ට අග‍්‍රාමාත්‍යවරයා විසින් රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක්ද සූදානම් කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව මෙම හමුව අතරවාරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහාය දක්වා යෝජනාවකට අත්සන් තැබීමටද නියමිතව තිබෙනවා.