Saturday, December 28, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව කල් දැමීමේ සූදානමක්

හේමන්ත කහවලගේ




පාර්ලිමේන්තුව කල් දැමීමේ සූදානමක් පිළිබඳව දේශපාලන කරළියේ තොරතුරු වාර්තාවෙමින් තිබෙනවා. මෙහිදී සිදු වන්නේ පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරිමක්.

නෙත් නිවුස් කළ විමසීමකදී පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අවශ්‍ය නම් උපරිම මාස දෙකකට පාර්ලිමේන්තුවේ වාර අවසන් කළ හැකි බවයි. එය සිදු කළ හැක්කේ ජනාධිපතිවරයා නිකුත් කරන ගැසට් නිවේදනයකින් පමණයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව යළි රැස්විය යුතු දිනය එහි අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.