කොළඔ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කර තිබෙනවා.
ධම්මාලංකාර හිමියන් කැළණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ඇති අතර, ඉන්පසු ආචාර්ය සහ දර්ශනවේදී උපාධි මෙන්ම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පාලි භාෂාව පිළිබඳ උපාධියක්ද සතු නාහිමිවරයෙකු වනවා.
ආචාර්යවරයෙකු ලෙසින් වසර විස්සක් පමණ කාලයක් සේවය කර ඇති උන්වහන්සේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙණෙහි පරිවේණාධිපති ලෙසින්ද වසර 8 කට ආසන්න කාලයක් සේවය කර තිබෙනවා.
පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත්වීමෙන් හිස්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා උන්වහන්සේගේ නම යෝජනා වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදුකර ඇති බව සඳහන්.