Friday, October 18, 2024

General line - 0115112241

විදුහල්පතිනියගේ මරණය ගැන අධ්‍යාපන ඇමති කතා කරයි

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි/සනත් ගමගේ




විදුහල්පතිවරුන්ගේ නායකත්ව පුහුණුවක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය හදිසි අනතුරකින් මියයාමට විරෝධය පළ කරමින් එම පාසලේ දෙමාපියන් අද (21) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරතවුණා.

එම අවස්ථාවේදී විරෝධතාවට එක්ව සිටි දෙමාපියන් අදහස් පළ කරමින් සඳහන් කළේ මෙම පුහුණු වැඩමුළුවේදී අවශ්‍ය කරන ආරක්ෂාව තිබුණේ නම් මෙවැනි මරණ සිදු නොවන බවයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ "මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයේ වාර්තාව එනකම් නායකත්ව පුහුණුව නතර කිරීමට කටයුතු කළා. අපි මේක වැඩිදියුණු කරලා තිබුණේ නායකත්ව පුහුණුව විතරක් නෙමෙයි..විදේශීය පුහුණුවත් සමගයි. කොහොම වුණත් අදාළ විමර්ශනය මගින් මම තහවුරු කර ගන්න බලාපොරොත්තු වෙනවා..මේ ලබා දී තිබු පුහුණුව අදාළ වයස් ඛාණ්ඩ සඳහා සුදුසුද?..යෝග්‍යතාව පරීක්ෂා කරලා තිබුණද?.. මේ ක්‍රියාකාරකම අනුමත කරන ලද එක්කද?..  ආදී වශයෙන්. " යනුවෙනි.

කුරුණෑගල, වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේදී විදුහල්පතිවරුන් වෙනුවෙන් මෙම නායකත්ව පුහුණූ වැඩමුළුව පැවැත්වුණා. විදුහල්පතිනිය අදාළ අනතුරට මුහුණ පා තිබුණේ ඉකුත් 16 වැනිදායි.