හබරාදුවේ, සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටි ඔස්ටේ්රලියානු ජාතික කාන්තාවකට අතවර කළ බව කියන එම හෝටලයේ ආරක්ෂක නියාමකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ 39 හැවිරිදි කාන්තාවක්. ඇය අද (22) අළුයම හෝටලයට පැමිණි අවස්ථාවේ සැකකරු විසින් අතවර කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
පසුව ඇය හබරාදූව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර හෝටල් ආරක්ෂක නියාමකවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.