Wednesday, January 1, 2025

General line - 0115112241

බස් බෝම්බය ගැන රස පරීක්ෂක කියන කතාව මෙන්න - සමාජ මාධ්‍ය ඔස්සේත් නොයෙක් කතා




දියතලාව ප්‍රදේශයේදී බස් රථයක බෝම්බයක් පුපුරා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුවන ඇතැම් ප්‍රචාරයන් අසත්‍ය බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. පිපිරුමින් ඇතිවූ කම්පනය හේතුවෙන් දියතලාව රෝහලට ඇතුළත් කර සිටි තැනැත්තකු රෝහලෙන් පළා ගොස් ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය ජාල පවසන්නේ අසත්‍යක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

දියතලාව ඇල්ලේගම පදිංචිකරුවකු ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. අදාල පුද්ගලයාගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන ඇතැයි පවසන පොලිසිය, බස්රථයේ වූ පිපිරුම අත්බෝම්බයක් හේතුවෙන් බව රජයේ රස පරීක්ෂකවරයා සනාත කොට ඇති බවයි පවසන්නේ.