පළාත් පාලන ආයතන වලට කාන්තා සභිකයින් පත් කිරීම සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටළුව පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය අද අදහස් පළ කළා.
"කිසියම් පළාත් පාලන ආයතනයක සියළුම කොට්ඨාශ එක් පක්ෂයක් ජයගෙන ලයිස්තුවෙන්ද අවස්ථාව හිමිවුවද එම පක්ෂයෙන් කාන්තාවන් පත්වන්නේ සියයට දහයක් පමණයි. එවැනි විටක කාන්තා නියෝජනය නියමිත පමණට ගෙන ඒම සඳහා සෙසු පක්ෂ විසින් කාන්තාවන් පත්කළ යුතුයි."
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.