Friday, October 18, 2024

General line - 0115112241

උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේ අවසන් දිනය




2018 උසස් පෙළ විභාගය සඳහා අයැදුම්පත් භාර ගැනීම හෙටින් (23) අවසන් වනවා. විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ හෙටින් පසුව ඉදිරිපත් කරන අයැදුම්පත් ප‍්‍රතික්ෂේප කරන අතර කිසිදු හේතුවක් මත භාර නොගන්නා බවයි.

ඒ අනුව මෙතෙක් අයැදුම්පත් යොමු නොකළ පාසල් අයැදුම්කරුවන්ගේ අයැදුම්පත් විදුහල්පතිවරුන් මගින් යොමු කළ යුතුයි. පෞද්ගලික අයැදුම්කරුවන් සිය අයැදුම්පත් පෞද්ගලිකවම යොමු කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.