Wednesday, January 1, 2025

General line - 0115112241

ජාතික ආණ්ඩුව දිගටම ගියොත් සන්ධාන මන්ත්‍රීවරු 25ක් ඒකාබද්ධ විපක්ෂයට




ජාතික ආණ්ඩුව ඉදිරියටත් පැවතුනහොත් ආණ්ඩුවට සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් 25කට ආසන්න සංඛ්‍යාවක් විපක්ෂයට එක්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල ඊයේ (22) ප‍්‍රකාශ කළා. 

ඒ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයි.

"අදත් මා එක්ක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමතිවරු පස් දෙනෙක් විතර කතා කළා. ඔවුන් කිව්වේ, ජනාධිපති තුමා කිව්ව නිසා මාසයක් බලනවා. එතුමා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවේ නැත්නම් ඔබතුමාල එක්ක ඒකාබද්ධ විපක්ෂයේ වාඩිවෙනවා කියල කිව්වා." යැයි ඔහු වැඩිදුරටත් පවසනවා.