මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත අද (23) දින දහවල් 1.30 ට පමණ වත්තල පොලිස් වසමේ දී හේකිත්ත ප්‍රදේශයේදී සැකකටයුතු වාහනයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයෙකු විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රතිප්‍රහාර හමුවේ මියගිය දඩල්ලගේ මංජුල නොහොත් ඞී. මංජු නමැත්තා කලක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවයි පොලිසිය පවසන්නේ. පුද්ගලයින්ට තර්ජනය කර කප්පම් ලබාගැනීම සහ කුලියට ලබාගන්නා වාහන නීති විරෝධීව අලෙවි කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා ඇතැයි වාර්තා වුණා.
පෑලියගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු වන ශමිල සඳරුවන් ඝාතනය සම්බන්ධයෙන් ද ඔහු චෝදනාවට ලක්ව සිටින්නෙක්.
(පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි)
--------------------------------
වත්තලදී 'STF - පාතාල' වෙඩි හුවමාරුවක් - ඩී.මංජු මරුට
(23-02-2018 14:44)
පාතාලයේ ප්‍රබල නායකයකු ලෙස හැඳින්වෙන දඩල්ලගේ මංජු හෙවත් 'D මංජු' නැමැත්තා විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකින් මීට සුළු මොහොතකට පෙර මිය ගොස් තිබෙනවා.
වත්තල දී විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරිමේ දී මෙම සිද්ධිය ඇති වී තිබෙනවා.