Friday, September 20, 2024

General line - 0115112241

කාන්තා ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට




කාන්තා ඇඳුමකින් සැරසී සිටි පිරිමි පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ සැකකරු මුස්ලිම් කාන්තාවන් අඳින බුර්කාවක් ඇඳ පිටවීමේ පර්යන්තය අසල රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කටාර් හි සිට පැමිණෙන කාන්තාවක් හමුවීමේ අරමුණින් තමන් ගුවන් තොටුපල පරිශ‍්‍රයේ රැඳී සිටි බවයි සැකකරු පොලිසියට ප‍්‍රකාශ කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.