Sunday, September 8, 2024

General line - 0115112241

ෆේස්බුක් " Explore Feed" ඉවත් කරයි




ෆේස්බුක් සමාගම විසින් ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 06 ක් සදහා හදුන්වා දුන් "Explore Feed" නම් අමතර උපාංගය ඉවත් කිරිමට තීරණය කර තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ෆේස්බුක් සමාගම විසින් "Explore Feed" නම් උපාංගය අමතර අංගයක් ලෙස හදුන්වා දෙනු ලැබුවා.

ෆේස්බුක් සිදුකල මෙම අත්හදා බැලීම මගින් හදුන්වා දුන් "Explore Feed" නම් අමතර උපාංගයේ ඇතුලත් වුයේ ෆේස්බුක් ගිණුම හිමිකරු විසින් සිය කැමැත්ත පළකර ඇති ෆේස්බුක් පිටු විසින් පළකරන තොරතුරුයී.

ශ්‍රි ලංකාව, බොලීවියාව, කාම්බෝජය, ගෝතමාලාව, සර්බියාව සහ ස්ලෝවේකියාව යන රටවල් සදහා මෙම අමතර උපාංගය ෆේස්බුක් ආයතනය විසින් හදුන්වා දුන්නා.

කෙසේ වෙතත් ඔවුන් හදුන්වා දුන් "Explore Feed" උපාංගය කෙරෙහි එතරම් සතුටුදායක ප්‍රතිචාර නොලැබීම නිසා මෙම තීරණය ගැනිමට සිදුවු බව ෆේස්බුක් සමාගම පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඒ අනුව  "Explore Feed" ඉවත් කිරිමත් සමග නැවතත් පෙර පරිදි ෆේස්බුක් ඔස්සේ පළවෙන සියලු තොරතුරු නිව්ස්ෆීඩි ඔස්සේ ෆේස්බුක් ගිණුමි හිමිකරුට දැක ගැනිමට හැකියාව ලැබෙනවා.