Sunday, April 28, 2024

General line - 0115112241

ඉන්දීය - බංගලි ගැටුම අද

කසුන් කැලුම්




නිදහස් කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය අද (08) පැවැත්වෙනවා. ඒ කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේදීයි.

රාති‍්‍ර 7.00ට මෙම තරගය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලියේ දී සහභාගි වූ පළමු තරගයෙන් ශී‍්‍ර ලංකාව හමුවේ කඩුලූ 5කින් පරාජයට පත් වුණා.

බංග්ලාදේශය කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ ඉන්දියාවට එරෙහිව සිය පළමු විස්සයි විස්ස තරග ජය අපේක්ෂාවෙන්.  දෙරට අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග 5 ම ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. 

ඉන්දීය කණ්ඩායම මේ වන විට විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් සටහනේ පසුවන්නේ තුන්වන ස්ථානයේයි. බංග්ලාදේශය එම සටහනේ 10 වන ස්ථානයේ පසුවනවා.

බංග්ලාදේශ කණ්ඩායම කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ මේ දක්වා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග 2කට කී‍්‍රඩා කර ඇති අතර ඔවුන් ඉන් එක් තරගයක් ජය ගැනීමට සමත් වුණා. ඉන්දීය කණ්ඩායම මේ දක්වා එම කී‍්‍රඩාංගණයේ සහභාගි වූ පන්දුවාර විස්ස තරග 8න් තරග 6ක් ජය ගැනීමට සමත්ව තිබෙනවා.