Friday, September 20, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය සහ ජනපති අතර හමුවක්




ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හෙට (25) දිනයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති. ඒ, ජනාධිපති නිල නිවසේදීයි.

නෙත් නිවුස් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙම සාකච්ඡාව සඳහා වන ආරාධනය සිදු කළ බවයි. මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ සහ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන මන්තී‍්‍රවරුන්ටද ආරාධනා ලැබී තිබෙනවා.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර සඳහන් කළේ ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරුන් රැසකට මෙම සාකච්ඡාව සඳහා මෙතෙක් ආරාධනා ලැබී නොමැති බවයි. නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාටද මෙම සාකච්ඡාව සඳහා ආරාධනා ලැබී නැහැ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර ඇති කරගත් එකඟතාව අනුව පිහිටුවා ගැනුණු ජාතික ආණ්ඩුවේ කාලසීමාව තවත් වසර තුනකින් දීර්ඝ කිරීමට රජය ඉකුත්දා තීරණය කළා.  ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර හෙට (25) පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම තීරණය සම්බන්ධයෙන් සහ ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය සිදුකරන පා ගමන පිළිබඳවද සාකච්ඡා කෙරෙනු ඇති.