Friday, September 20, 2024

General line - 0115112241

ආර්ථික මධ්‍යස්ථානවල වැටලීම් සිදු නොවීම ගැන සොයයි (UPDATE)




දිවයින පුරා පිහිටි සියලූ ආර්ථික මධ්‍යස්ථානවලද පාලන මිල ගණන් යටතේ භාණ්ඩ අළෙවි කළ යුතු බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

එහි සභාපති හසිත තිලකරත්න සඳහන් කළේ සෙසු සියලු වෙළදසැල් ආශි‍්‍රතව වැටලීම් සිදුකරන ආකාරයටම ආර්ථික මධ්‍යස්ථානවලද තම නිලධාරීන් වැටලීම් සිදු කරන බවයි.

නෙත් නිවුස්, පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ දිවයින පුරා ස්ථාන 1500 ක් පමණ මේ වනවිටත් පාරිභෝගික සේවා අධිකාරිය විසින් පරීක්‍ෂා කර ඇති බවයි. ආර්ථික මධ්‍යස්ථාන ආශි‍්‍රතව වැටලීම් සිදු නොවන්නේ නම් ඒ පිළිබඳව සොයා බලන බවද ඔහු ප‍්‍රකාශ කළා.

 


පාලන මිල ආර්ථික මධ්‍යස්ථානවල නැහැලු

(Jul 24, 2016 @ 07:18)

භාණ්ඩ කිහිපයක් සඳහා රජය මගින් හඳුන්වාදුන් පාලන මිල කිසිඳු ආර්ථික මධ්‍යස්ථානයක කි‍්‍රයාත්මක නොවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

එහි සභාපති රංජිත් විතානගේ සඳහන් කළේ රටපුරා පිහිටි සියලු තොග වෙළදසැල් සහ සිල්ලර වෙළදසැල් පමණක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කෙරෙන බවයි. ආර්ථික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට ඔවුන් කටයුතු කර නොමැති බවත් සඳහන් කළා.

රංජිත් විතානගේ පෙන්වා දෙන්නේ ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවීමේ අරමුණ වී තිබුණේ පාරිභෝගිකයාට සහන මිලට භාණ්ඩ ලබා දීමට බවයි.