අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව අද (26) හෝ හෙට නිල වශයෙන් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිතව තිඛෙනවා. මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද දිනයේද දේශපාලන පක්ෂ නියෝජිතයින් සිය අදහස් පළකර සිටියා.
මෙම විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ජාතික හෙළ උරුමය සහාය නොදැක්විමට තිරණය කළ බවයි එහි මහ ලේකම් පාඨලි චම්පික රණවක අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියාසිටියේ.
සමාජවාදී ජනතා පෙරමුණ අද කැදවු මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් රාජා කොල්ලූරේ කියාසිටියේ මෙම විශ්වාසභංග යෝජනාවට පකෂව ඇතැම් එක්සත් ජාතික පකෂ මන්තී‍්‍රවරුන්ද සහාය පළ කරනු ඇති බවයි.