යාපනය මහනගර සභාවේ නගරාධිපති ධුරයට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ එමානුවෙල් ආනෝල්ඩ් අද (26) තේරී පත්වුණා. නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සිදු කෙරුණේ රහස් ඡන්දයකින්.
එහිදී එමානුවෙල් ආනෝල්ඩ්ට ඡන්ද 18 ක් හිමි වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. උතුරු පළාත් සභා මන්ත්රිවරයෙකු ලෙස කටයුතු කළ එමානුවෙල් ආනෝල්ඩ් එම තනතුරෙන් ඉවත් වී පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී යාපනය මහනගර සභාව සදහා තරග වැදුණා.