Friday, December 27, 2024

General line - 0115112241

අගමැතිගේ විශ්වාසභංගයට රංගේ බණ්ඩාර කරන්න යනදේ මෙන්න

කසුන් කැළුමි




අප්‍රේල් මස 4 වනදාට පෙර එක්සත් ජාතික පක‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු නොකරන්නේ නම් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා. ආණමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

"විශ්වාසභංගයේදී අගමැතිවරයාට සහය පළ කරලා අත්සන් තබන ලියවිල්ලට අත්සන් කරන්න එන්න කියලා.. මටත් ආරධානා කළා. මම කිව්වා.. මට එන්න විදිහක් නැහැ කියලා, පසුව කිව්වා වට්ස්ඇප් හෝ වයිබර් හරහා මගේ අත්සන එවන්න කියලා. මම එහෙම කරන්න ගියේ නැහැ. තනි පුද්ගලයෙක් ආරක්ෂා කරන්න උවමනාවක් නැහැ. ඉදිරියේදී අපිට මුහුණ දෙන්න තියෙන මැතිවරණවලින් ජයගන්න අවශ්‍යයි. ඒ නිසා ලබන 04 වෙනිදට කලින් පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු සිදුකල යුතුයි. එහෙම නොවුනොත් මන්ත්‍රීවරුන් 27 දෙනෙක් ඉන්නවා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දෙන්න හෝ නැතිනම් එදාට ඡන්දය ප්‍රකාශ නොකර ඉන්න." ඇමතිවරයා මෙහිදී කියා සිටියා.