Saturday, December 28, 2024

General line - 0115112241

ගෑස් සහ කිරිපිටි මිළ ඉහළ දැමීම ගැන සාකච්ඡා 

කසුන් කැලුම්




ගෑස් සහ කිරිපිටි මිළ වැඩි කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජීවන වියදම් කමිටුව අද (27) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, පස්වරු 1.30ට මුදල් අමාත්‍යාංශයේදීයි.

ගෑස් සමාගම් ගෑස් මිළ රුපියල් 270 කින් වැඩි කරන ලෙස රජයෙන් ඉකුත්දා ඉල්ලීමක් කර තිබුණා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජීවන වියදම් කමිටුව ඉකුත් සතියේද රැස්වූ අතර එහිදී ද ගෑස් මිළ සම්බන්ධයෙන් ද නිශ්චිත තීරණයක් ගැණුණේ නැහැ.

මේ අතර අද (27) රැස්වන ජීවන වියදම් කමිටුවේදී කිරිපිටි මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. කිරිපිටි සමාගම් මීට පෙර රජයෙන් ඉල්ලා සිටියේ කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 80 කින් පමණ ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙසයි.