සයිටම් ආයතනය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධ කර සයිටම් උපාධිය පිරිනැමීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය අද (27) දිවයින පුරා උද්ඝෝෂණමාලාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ පිළිබඳ කරුණු දක්වන එහි නියෝජ්‍ය කැදවුම්කරු මංගල මද්දුමගේ කියා සිටියේ සයිටම් ආයතනය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධට මෙන්ම විශ්ව විද්‍යාල අනද්‍යන කාර්ය මණ්ඩලයේ සේවකයන්ගේ ගැටළුවට විසඳුම් ලබා නොදීමට විරුද්ධව තමන් දීප ව්‍යාප්ත විරෝධතාවක නිරත වන බවයි.
ඒ සඳහා දිවයිනේ සෑම විශ්ව විද්‍යාලයක්ම අද (27) මෙම විරෝධතාවයට දායක වන බව ද ඔහු කියා සිටියා.