Saturday, December 28, 2024

General line - 0115112241

බැසිල් රාජපක්ෂගේ රිට් පෙත්සම සලකා බලන්න දින නියම වෙයි

අධිකරණ වාර්තාකරු




බරපතළ වංචා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව සිදු කළ පරීක්ෂණ නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඔහු ගොනු කළ රිට් පෙත්සමක් ජුලි මස 16 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (27) දින නියම කළා.

මෙහිදී පෙත්සම්කාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් සඳහා පෙනී සිටින බැවින් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට වෙනත් දිනයක් ලබා දෙන්නැයි ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

බරපතළ වංචා පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව පරීක්ෂණ සිදුකළ 2015 සහ 2016 වසර වල එම කොමිසමේ නිල කාලය  ජනාධිපතිවරයා විසින් නිසි ලෙස දීර්ඝ කර නොතිබූ බවට බැසිල් රාජපක්ෂ සිය පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා.