Saturday, December 28, 2024

General line - 0115112241

වැලි-ගල් ජාවාරම් මැඩලීමට ජනපති සැරසෙයි

කසුන් කැළුම්




රට තුළ නීතිවිරෝධී ලෙස ක්‍රියාත්මක ගල්,වැලි සහ පස් ජාවාරම් මැඩලීමට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. දූෂිත ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ගෙන් පරිසරය රැක ගැනීම සදහා රාජ්‍ය ආයතන නිරන්තරයෙන් වගකීමෙන් කටයුතු කළ යුතුයි.

බලපත්‍ර නිකුත් කිරීමෙන් අනතුරුව අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය පිළිබදවද පසුවිපරම් කිරීමේ වගකීම ප්‍රමුඛ කාර්යයක් ලෙස ඉටුකළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයේ රජත ජයන්ති සැමරුම් උළෙලට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.