ගල්යිෆෝසෙට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිඛෙනවා. අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත්තේ සෞඛ්‍ය, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත යන අංශ නියෝජනය වන පරිදි අදාළ කමිටුව පත් කිරීමටයි.
කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මෙම තොරතුරු අනාවරණ කළා.