Saturday, December 28, 2024

General line - 0115112241

අගමැතිට එරෙහි ඇමතිවරු සදාචාරයක් ඇත්නම් ආණ්ඩුවෙන් යන්න! සිරිකොතෙන් ඇසෙන හඬ




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට සූදානම් වී සිටින රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අපේ‍්‍රල් මස 04වනදාට පෙර ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආෂු මාරසිංහ මේ බව කියා සිටියා.

"මේ වනවිට විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇති රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නැහැ." යැයි ඔහු වැඩිදුරටත් පවසවා.

රඩම් රාජ්‍ය අමාත්‍ය ටීබී ඒකනායක, වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ රාජ්‍ය පරිපාලන හා කලමනාකරණ සුසන්ත පුංචිනිළමේ විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබෙනවා.

විශ්වාසභංග යෝජනාව විවාදයට ගෙන අවසන් වන තුරු ආණ්ඩු ලක්ෂයේ මන්තී‍්‍රවරුන්ට විදෙස් ගමන් තහනම්කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.