Tuesday, May 7, 2024

General line - 0115112241

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කඩා වැටෙයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් වාර්තා ඇසුරෙන්




චීනය විසින් ගුවන් ගත කරන ලද Tiangong-1 නැමති අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිරි දින කිහිපයේදී පෘතුවියට කඩා වැටෙනු ඇති බවට යුරෝපිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

2022 වසරේදී චීනය විසින් ස්ථාපනය කිරීමට බලාපොරොත්තුව සිටින අභ්‍යවකාශ මෙහෙයුමට අදාලව මෙම Tiangong-1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක් කර තිබුනා. චීනයේ බලාපොරොත්තුව වුයේ අභ්‍යවකාශයේ මිනිසුන් රැඳවිය හැකි මධ්‍යස්ථානයක් පිහිටුවීම වන අතර Tiangong-1 එහි ආකෘති මෙහෙයුම ලෙසට ඔවුන් හඳුන්වා තිබුණා.

කෙසේ නමුත් 2011 වසරේදී කක්ෂගත කළ Tiangong-1අභ්‍යවකාශ මධ්‍යස්ථානය වසර 05 ක් පුරා සිය මෙහෙයුම සිදුකිරීමෙන් අනතුරුව යළි පෘතුවියට පැමිණීමට නියමිතව තිබු අතර චීනය 2016 වසරේදී සඳහන් කළේ චන්ද්‍රිකාව සමග තිබු සම්බන්ධකම් ඇණහිටි බවයි. ඒ අනුව Tiangong-1අභ්‍යවකාශ මධ්‍යස්ථානය යළි පෘතුවියට ලගා වීම සම්බන්ධයෙන් පැවතුණේ අවිනිශ්චිතතාවක්.

කෙසේ වුවත් යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටීන්නේ Tiangong-1අභ්‍යවකාශ මධ්‍යස්ථානය මාර්තූ 30 - අප්‍රේල් 2 වැනිදා යන කාලය තුලදී පෘතුවියට කඩා වැටීමට නියමිත බවයි. නමුත් මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය කුමන ප්‍රදේශයකට කඩා වැටෙයිද යන්න ගැන ස්ථිර නිගමනයකට ඒමට නොහැකිව පවතින බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

කෙසේ නමුත් යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ නවසීලන්තය, දකුණු ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව අතර පිහිටි දකුණු පැසිෆික් සාගර කළාපයට මෙම Tiangong-1අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් ඇද වැටෙනු ඇති බවයි.