Saturday, December 28, 2024

General line - 0115112241

අප්‍රේල් 01දායින් පසු ආර්ථික පීඩනයක්! ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය කියන අනාවැකිය




අපේ‍්‍රල් මස පළමුවනදා සිට ජනතාව තවදුරටත් බදු බරෙන් පීඩාවට පත්වනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි ආර්ථික පර්යේෂණ ඒකකය අද (27) පැවැත්වූ මාධ්‍ය හමුවකට එකවෙමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ නව දේශිය ආදායම් පනත කි‍්‍රයාත්මකවීමත් සමග එම තත්ත්වය උද්ගතවනු ඇති බවයි.

"රජයේ ආදායම වැඩිවුණා කියල කයිවාරු ගහන අය දැනගන්න ඕන, නව දේශීය ආදායම් පනතින් අසීමිත බදු බරක් ජනතාව වෙත පටවලයි මේ ආදායම වැඩිකරගන්නේ කියලා. ඒ නිසා මේ සිංහල අවුරුද්ද වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරන්න බැරි වෙනව. අවුරුද්දෙන් පස්සේ ඛනිජ තේල් නීතිගත සංස්ථාවත් තෙල් මිල වැඩිකරනවා. ගෑස් මිල ඉහළ දමනවා. අලිමදිවට හරක් කියලයි කියන්න වෙන්නේ."

එළඹෙන අලූත් අවුරුදු සමයෙන් පසු භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ යනු ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.