Saturday, December 28, 2024

General line - 0115112241

මෙවර කම්කරු දින සැමරුම මැයි 07 වෙනිදා - ජනපති

දිනුක් හේවාවිතාරණ




මෙවර ලෝක කම්කරු දිනය සමග යෙදී තිබෙන වෙසක් සතිය සැලකිල්ලට ගනිමින් මැයි 01 වනදා පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි සහ රැස්වීම් මැයි 07 වනදා තෙක් කල් දැමීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර සිටිනවා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද (27) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමිනි

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ මැයි 07 වනදා රජයේ නිවාඩු දිනයක් බවට ප‍්‍රකාශයට පත්කරන අතර, එදිනට ලෝක කම්කරු දින වැඩසටහන් සඳහා එක්වන ලෙස තමා සියලූ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති වෙත ආරාධනා කරන බවයි. 

අප්‍රේල් මස 27 වෙනිදායින් ආරමිභ වන වෙසක් සතිය නිමිත්තෙන් මැයි දින සැමරුම් වෙනත් දිනයක පවත්වන්න කටයුතු කරන්නැයි ඉල්ලා මහානාහිමිවරුන් ජනපතිවරයාගෙන් ඉකුත් සතියේ කළ ඉල්ලීමක් අනුවයි අද (27) මෙම කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත්තේ.