Saturday, December 28, 2024

General line - 0115112241

තුන්වන තැනට පත් සන්ධානයට සභාපතිකම දුන් ප්‍රාදේශීය සභාව

නිහාල්සිරි ගම්ලත්




පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ ප‍්‍රතිපල අනුව බුලත්කොහුපිටිය ප‍්‍රාදේශීය සභාවේ තුන්වන තැනට පත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අද (27) එහි සභාපතිධූරය හිමිවුණා. එම ධූරයට තේරී පත්වුණේ ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා වූ රුවන් සංජීවයි.

මැතිවරණ ප‍්‍රතිපල අනුව බුලත්කොහුපිටිය ප‍්‍රාදේශීය සභාවේ වැඩි මන්තී‍්‍ර ආසන ගණනක් හිමිවුණේ ශී‍්‍ර ලංනා පොදුජන පෙරමුණටයි. එම පක්ෂයට හිමිවූ ආසන ගණන 08ක්. එක්සත් ජාතික පක්ෂයට ආසන 06ක් හිමිවූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 03ක් හිමිවුණා. එක් ආසනයක් හිමිව තිබුණේ ස්වාධීන කණ්ඩායමකටයි. අද පැවැත්වූ ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකළ රුවන් සංජීවට ඡන්ද 10ක් හිමිවූ අතර ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණෙන් සභාපතිධූරයට තරග කළ ජගත් ලීලාරත්නට හිමිවුනේ ඡන්ද 08ක් පමණයි.

සභාපතිවරයා ලෙස තේරී පත්වූ රුවන් සංජීවට එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ ස්වාධීන කණ්ඩායමකින් තේරී පත්වූ මන්තී‍්‍රවරයා ඡන්දය ලබා දී තිබුණා. කෙසේවෙතත් උප සභාපතිධූරය හිමිවුනේ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණටයි.

එම ධුරයට තරග කළ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට සහ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කළ අපේක්ෂකයාට ඡන්ද 09බැගින් හිමිව තිබුණා. ඒ අනුව උප සභාපතිවරයා තෝරා ගැනුණේ කුසපත් ඇදීමකින්.