ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි තනතුර සඳහා මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පත් කල බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුම්ත් අතපත්තු පවසනවා. ඒ අනුව මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු යුද හමුදාවේ 52 වන මාණ්ඩලික ප්‍රධානියා වනවා.
1983 දී ශ්‍රී ලංකා යුධ හමුදාවට බැදුණු ඔහු 1984 වසරේදී දෙවන ලුතිනන් වරයෙක් ලෙස ගැමුණු හේවා රෙජිමේන්තුවට අනියුක්තව සිය රාජකාරි ආරම්භ කල අතර වසර 34 ක් වූ හමුදා සේවය තුලදී යුද හමුදාවේ නිලතල රැසක් හොබවා තිබෙනවා.