අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධ විය නොහැකි බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පළ කළ අදහස්වලට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අමාත්‍ය කබීර් හෂීම් අද (30) ප‍්‍රතිචාර දැක්වූවා. ඒ, මාවනැල්ල ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න හමුවේයි.
ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂයේ සියලූම තනතුරු වෙනස් විය හැකි බවයි පක්ෂ මහ ලේකම්වරයා මෙහිදී කියා සිටියේ. අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට පක්ෂයේ නායකත්වය හිමිවනු ඇත්දැයි මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළා.
"එහෙම වෙන්නත් පුළුවන්. අපේ පක්ෂයේ නායකත්වය පුවුලෙන් පවුලට නෙවෙයි දෙන්නේ. අනිත් පක්ෂවලනම් ඊළඟ නායකයා කවුද කියල ලියල දෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ එහෙම නෑ. ඒකනේ මෛත්‍රීපාල සිරිසේන මහත්තය අපේ පක්ෂයේ පොදු අපේක්ෂකයා වුණේ. අපි කොයි තැන ඉපදුනාද බලන්නේ නෑ. ලොකු පරම්පරා බලන්නෑ. රට ඉල්ලන නායකත්වය දෙන්න පුළුවන් පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. බලන්නකෝ 4 වෙනිදට වෙන දේ. සුළි සුළඟ කොයි පැත්තටද හැරෙන්නේ කියල" යැයි මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.