Tuesday, May 7, 2024

General line - 0115112241

සුහදතාවයෙන් සහ එකඟතාවයෙන් වැඩ කළ යුතුයි! ජනපති දුන් උපදෙස




රේඛීය අමාත්‍යංශ සහ පළාත් සභා සුහදත්වයෙන් හා එකඟත්වයෙන් යුතුව කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳ මෙම ආයතන දෙක අතර ගැටුම්කාරී තත්වයක් ඇති වුවහොත් මහජනතාව ඉන් පීඩාවට පත්වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අද (30) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. කුමන ආණ්ඩුවකට වුවද කුමන දේශපාලඥයෙකු හෝ රාජ්‍ය නිලධාරියෙකුට වුවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව සැකසී ඇති ආයතන ව්‍යුහය තුළ සුහදතාවයෙන් සහ එකඟතාවයෙන් යුතුව කටයුතු කිරීමේ වගකීම පැවරෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, උතුරු මැද පළාතේ ආණ්ඩුකාර පී.බී දිසානායක ඇතුළු දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මීට සහභාගීව සිටියා.