Wednesday, May 8, 2024

General line - 0115112241

ප්‍රශ්න පත්‍ර පිටවෙයි! ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලක්ෂ16කගේ විභාගයක් කල් දමයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාවේ ජාතික පාසල් විභාගයේදී සිදුවූ බව පැවසෙන අක‍්‍රමිකතාවයක් හේතුවෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මිලියන 1.6ක් පමණ පෙනී සිටීමට නියමිත විභාගයක් අවලංගු කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ, විභාගය පැවැත්වීමට පෙර ඇතැම් ප‍්‍රශ්න පත‍්‍රවලට අදාල පිළිතුරු නිකුත් වීම හේතුවෙන්.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ සමාජ ජාල හරහා විභාගයේ ගණිතය හා ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රවලට අදාළ පිලිතුරු මෙලෙස පිටවී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිස් දෙදෙනෙකුගෙන් ඉන්දීය පොලීසිය ප‍්‍රශ්න කිරීම්ද සිදු කර තිබෙනවා. මේ හේතුව මත අදාළ විභාගය පැවැත්වෙන දිනය කල් දමා ඇති අතර එම දිනය පසුව ප‍්‍රකාශයට පත් කරන බව ඉන්දීය බලධාරීන් සඳහන් කළා. විභාග වංචාවන් සහ අල්ලස් ලබා දී ප‍්‍රශ්න පත‍්‍ර මිලට ගැනීම ඉන්දියාව තුළ සුලභව සිදු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.