Tuesday, May 7, 2024

General line - 0115112241

කරදරකාරී "ප්ලාස්ටික් පොලිතින් විසිතුරු බඩු කරන" නාවික හමුදා මෙහෙයුම (PHOTOS)




ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිතින් හා ප්ලාස්ටික් සඳහා නව ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලියක් හඳුන්වා දී තිබෙනවා. කසළ කළමනාකරණය සඳහා තිරසාර විසඳුමක් ලෙස, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍ර සංරක්ෂණ හා නිරීක්ෂණ ඒකකය මගින් නව ක්‍රමය හඳුන්වා දී ඇති බව නාවික හමුදාව පවසනවා.

අලංකාර භාණ්ඩ, මල් පෝච්චි, උද්භිද උද්‍යාන, සහ උද්‍යාන සඳහා නිපදවන මෙම විසිතුරු භාණ්ඩ පළමු අදියරේදී සාර්ථකව පරීක්ෂා කර ඇතැයි සඳහන්. දෙවන අදියර යටතේ දිවයින පුරා නව තාක්ෂණය පුළුල් කිරීම හා තාක්ෂණ ඥාණය බෙදාහදා ගැනීමට නාවික හමුදාව විසින් අපේක්ෂා කරන අතර කසළ බැහැර කිරීම හා එහි ඇති ප්‍රයෝජන ජනතාවට හඳුන්වා දී එහි අරමුණයි.


මෙහි තෙවන අදියර, පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදයන් හඳුනාගැනීම සඳහා නාවික නාවික පර්යේෂණ සහ සංවර්ධන ඒකකයේ සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමටත්, ඉන්ටෙක්ෂන් මෝල්ඩින් තාක්ෂණය භාවිතා කර පොලිතින් සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමටත් නාවික හමුදාව අපේක්ෂා කරනවා.