වෙසක් සහ පොසොන් පුන් පොහෝ දිනයන්හි, දන්සල් පැවැත්වීම සහ තොරණ ප්‍රදර්ශනයට කිසිදු බාධාවක් නැතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව, එළැඹෙන වෙසක් හා පොසොන් පොහොය දිනයන්හිදී, සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සෞඛ්‍යාරක්ෂිතව දන්සල් පැවැත්වීමට කිසිදු බාධාවක් සිදුවන්නේ නැහැ.