එල් ටී ටී ඊ සංවිධානයේ චාවකච්චේරි ප‍්‍රදේශයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර ස්විස්ටර්ලන්තයට පැන ගොස් සිටි එස් ජේමූර්ති නොහොත් ගුණාලන් මාස්ටර් මියගොස් තිබෙනවා. ඒ, හෘදයාබාධයක් හේතුවෙන්.
ඔහු 1999 වසරේදී එල් ටී ටී ඊ සංවිධානය අතහැර විදේශගතව ඇති අතර රටවල් කිහිපයක රැඳී සිටීමෙන් පසු ස්විස්ටර්ලන්තයේ පදිංචියට ගොස් ඇත්තේ ඔහුගේ දරු පවුල ද සමගයි. ගුණාලන් මාස්ටර් යුද සමයේ අතුරුදන්වූ පුද්ගලයින්ගේ නාම ලේඛනයේ ද සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.