Friday, May 3, 2024

General line - 0115112241

මිනිස් සෙවනේ හැදුනු අලි පැටව් 9ක් මහ වනයට (PHOTOS)

වසන්ත චන්ද්‍රපාල - අම්පාර




උඩවලව ඇත් ඇතුරැ සෙවණේ හැදුනු අලි පැටවුන් නව දෙනෙකු වනයට මුදා හැරීම මාදුරැඔය ජාතික වනෝද්‍යානයේදී ඊයේ (30) සිදුවුනා. 

මෙසේ මුදා හරිනු ලැබුවේ, වසර හතරක  කාලයක් පමණ ඇත් අතුරැ සෙවණේ හැදුනු පිරිමි අලි පැටව් පස් දෙනෙක් සහ ගැහැනු අලි පැටව් 04 දෙනෙකි. 


මෙම අලි පැටවුන්ගේ බෙල්ලේ විශේෂ කරපටියක් සවිකර ඇති අතර, අලි පැටව්ග මන්ගන්නා දිසාව හදුනාගැනීමට එය භාවිතා කරන බව ඇත් අතුරැ සෙවණ භාර ප්‍රධාන පශු වෛද්‍ය විජිත පෙරේරා පැවසුවා