Friday, May 3, 2024

General line - 0115112241

බක් පුර පොහොය අදයි - ශ්වේත පූජා පිංකම මාතලේදී

සමන්ත කුමාර




බක් පුර පසළොස්වක පොහොය දිනය අද (31)ට යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය ඇතුළු වැදගත් සිදුවීම් රැසක් බක් පුර පසළොස්වක පොහෝදා සිදුව ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

සෑම පුර පසළොස්වක පෙහෝ දිනයකදීම පැවැත්වෙන නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ මාතලේ විහාර පාරේ ශ‍්‍රී විද්‍යානන්ද මහ පිරිවෙන් විහාරස්ථානයේදීයි. 

අලුයම උවැසි උවැසියන් අෂ්ඨාංග සීලය සමාදන් කරවීමෙන් මෙම වැඩසටහන ආරම්භ වුණා. ධර්ම දේශනා, සම්බුද්ධ පූජා ඇතුළු පිංකම් ද මීට ඇතුළත්.