එක්සත් ජාතික පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු ඊයේ (30) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවී තිබෙනවා. ඒ, ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයාගේ පොළොන්නරුවේ පිහිටි නිවසේදීයි.
අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, ගයන්ත කරුණාතිලක සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාලක කොළොන්නේ ඊට එක් වූ එක්සත් ජාතික පක්‍ෂ මැතිඇමතිවරුන් වනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්නද ජනාධිපතිවරයා හමුවී ඇතැයි සදහන්.
ඊයේ පොළොන්නරුවේ පැවති උත්සව කිහිපයකට සහභාගිවීමෙන් අනතුරුවයි මෙම පිරිස ජනාධිපතිවරයා හමුවී ඇත්තේ. එහිදී අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණ කළා.