Thursday, May 2, 2024

General line - 0115112241

අගමැතිට එරෙහි පාගමන ඇරඹෙයි (UPDATE/PHOTOS/VIDEO)

හේමන්ත කහවලගේ/ නිශාන් ද සිල්වා




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දක්වන පාගමන ආරම්භ වී තිබෙනවා. මාවනැල්ල නගරයෙන් පාගමන අදට අවසන් වනවා.

 

 

------------------------------------

අගමැතිට එරෙහි පාගමනක් නුවරින් ඇරඹේ - එජාප රාජ්‍ය ඇමතිවරු දෙදෙනෙකුත් එක්වනබවට කතාවක්

31-03-2018 07:52

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දක්වන පාගමනක් අද (31) ආරම්භ වනවා. ඒ, මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගණය අසළින්. 

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම්, නීතිඥ මෛත‍්‍රී ගුණරත්න පවසන්නේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසන අප්‍රේල් 04දා එය කොළඹට ළඟා වන බවයි. ජනතාව දිනාගත් යහපාලනය රැකගැනීමට පක්ෂ භේදයෙන් තොරව පාගමනට එක්වන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පළමු දිනය මාවනැල්ල දක්වාත්, දෙවැනි දිනය වේවැල්දෙණිය දක්වාත්, තෙවන දිනය නිට්ටඹුව දක්වාත් සිව්වන දිනය කිරිබත්ගොඩ දක්වාත් පාගමන පැමිණීමටයි සූදානම්කර ඇත්තේ. 04වනදා කිරිබත්ගොඩින් පාගමන ආරම්භකර කොළඹ දක්වා පැමිණීමට නියමිතය.

මෙම පා ගමන මහනුවර සිට කොළඹට ගමන් ගන්නා කාලසීමාව අතරතුර එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුද අතරමගදී ඊට එක්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.