Monday, April 29, 2024

General line - 0115112241

වරද බාර ගනිමින් වෝනර් සමු ගනී

සමන්ත කුමාර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තමන් යළි  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමට කී‍්‍රඩා නොකරන බව එහි හිටපු උප නායක ඩේවිඞ් වෝනර් පවසනවා. පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත වසරක තරග තහනමකට ලක්ව සිටින ඩේවිඞ් වෝනර් සිඞ්නි නුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියාසිටියා.

පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත වසරක තරග තහනමකට ලක්ව සිටින ඩේවිඩ් වෝනර් සිඩ්නි නුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියාසිටියා. එහිදී ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ තමන් තවදුරටත් සිය කණ්ඩායමේ කී‍්‍රඩකයින් සමග කී‍්‍රඩා කිරීම දක්නට නොලැබෙනු ඇති බවයි.

දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගයකදී පන්දුව පළුදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වගකීම තමන් භාරගන්නා බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.  ඕස්ටේ‍්‍රලියාවට කීර්තියක් අත්කර දීම සිය කි‍්‍රකට් දිවියේ අරමුණ වූ බවයි වෝනර් ප‍්‍රකාශ කර ඇත්තේ.  තරග තහනමට ලක්වීමෙන් පසු මුල්වරට මාධ්‍ය හමුවක පෙනී සිටිමින් ඔහු මෙම අදහස් පළ කළා. එමෙන්ම සියළු කී‍්‍රඩාලෝලීන්ගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවද වෝනර් ප‍්‍රකාශ කර තිබෙනවා. 

ඔහු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ වීඩියෝව මෙතනින් නරඹන්න.