වැටුප් ගැටළුව ඇතුළු සිය ඉල්ලීම්වලට විසදුම් නොලැබුණහොත් ඉදිරියේදී වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කරන බව ශී‍්‍ර ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසනවා. එහි සභාපති සුමිත් කොඩිකාර මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබද අදහස් පළ කළා.
"මූලික නීතිය, ජනතාවගේ ඡන්ද අයිතිය ඉටු කරන්නේ ග්‍රාමනිලධාරීන්. මේ රටේ ජනතාවගේ මූලිකම රාජකාරි කරන්නේ ග්‍රාම නිලධාරීන්. ඉතා පහළ වැටුප් තලයක ඉන්න අපේ වැටුප් වැඩිකරන්න කියල වසර ගණනාවක් තිස්සේ ඉල්ලුවා. සේවයේ ගුණාත්මකභාවය වැඩි කරන්නට සේවා ව්‍යාවස්ථාවක් ලබා දෙන්න කිව්වා. ඒ සියල්ල කල් අරිමින් ඉන්නවා. වෘත්තීය සමිති විදියට දිගින් දිගටම මේක බලාගෙන ඉන්න බැහැ. ජනාධිපති තුමනි ඔබ මේ සඳහා මැදිහත් වෙන්න. එසේ නොවුණහොත් අපට සිදු වෙනවා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න" යැයි ඔහු එහිදී පැවසුවා.