Saturday, July 27, 2024

General line - 0115112241

ඇමෙරිකානු වීසා ඉල්ලුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය ජාල හැසිරීම පරික්ෂා කිරිමේ සුදානමක්

දිනුක් හේවාවිතාරණ-විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු එක්සත් ජනපදයේ වීසා සදහා ඉල්ලුම් කිරිමේදි එම අයදුම්කරුවන්ගේ වසර 05 ක කාලයක් තුළ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල අනන්‍යතාවයන් පිළිබද තොරතුරුද විමර්ෂනය කිරිමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා කර ඇති බව වාර්තා වෙනවා. නව වීසා යෝජනාවට අනුව අයදුම්කරුවන් විසින් සිය සමාජ මාධ්‍යජාල තොරතුරු වලට අමතරව ගතවු වසර 05ක කාලය තුල ඔවුන් භාවිතා කළ දුරකතන අංක, ඊ-තැපැල් ලිපිනයන් සහ ඔවුන්ගේ විදෙස් ගමන් සංචාරක තොරතුරුද ලබාදිය යුතුයි.

ඊට අමතරව අයදුම්කරුවන්ව වෙනත් රටකින් පිටුවහල් කර තිබේද යන්න ගැනත් සිය පවුලේ සාමාජිකයන් ත්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධ වී තිබේදැයි යන්න ගැන තොරතුරු විමසීමට නියමිතයි. ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා එක්සත් ජනපදයට ඇතුලු වෙන විදේශිකයින් "අතිශය ආරක්ෂිතද" යන්න පිළිබදව කරුණු සොයා බලන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩි ට්‍රම්ප්ගේ යෝජනාවක් අනුව මෙම විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට යෝජනාවි තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මේ අනුව මෙම යෝජනාව ඉදිරි මාස 02 ක තුල සම්මත විමේ හැකියාවක් පවතින අතර එය එසේ සිදුවුවහොත් වාර්ෂිකව අමෙරිකාවට පැමිණෙන සංක්‍රමික හා සංක්‍රමික නොවන අයදුම්කරුවන් මිලියන 14කට ආසන්න සංඛ්‍යාවකට නව වීසා ක්‍රමවේදයට සිදුවෙනු ඇත.