විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කටයුතු කිරීමට සූදානම්ව සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීම රටට යහපතක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ආණ්ඩුවේ කටයුතු අඩපන කළේද විශ්වාසභංගයට පක්ෂවීමට සූදානමින් සිටින එම පිරිස බවයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ.
විශ්වාසභංගයට පෙර අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් නොවුනහොත් සම්මුතිවාදී ආණ්ඩුව අපේ‍්‍රල් මස 4 වනදා රාති‍්‍රයෙන් අවසන් වනු ඇති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඊයේ (30) ප්‍රකාශ කළා. ඒ පිළිබද නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මැතිඇමතිවරුන් හත් දෙනෙකු පමණ විශ්වාසභංගයට විරුද්ධ වනු ඇති බවයි.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ලබන සතියේ විශ්වාසභංගයක් ගෙනඑන බවද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළා.