සතිඅන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් ශී‍්‍ර පාදස්ථානය වන්දනා කිරීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලීසිය පවසනවා. වන්දනාකරුවන් රැගත් රථ වාහන ගාල් කරන නල්ලතන්නියේ සියළුම රථගාල් පිරීයාම හේතුවෙන් සෙසු වාහන නල්ලතන්නිය - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ එක් පසෙක ගාල් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
ශී‍්‍රපාදය වන්දනා කිරීමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්ද කි‍්‍රයාත්මකයි. 2017 - 2018 ශී‍්‍රපාද වන්දනා වාරය ලබන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් නිමාවට පත් වනවා.