Wednesday, January 1, 2025

General line - 0115112241

පොලිස් ස්ථානාධිපතිවරුන් හතර දෙනෙකුට ස්ථාන මාරු




පොලිස් ස්ථානාධිපතිවරුන් හතර දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිඛෙනවා. ඒ අනුව හෙට්ටිපොල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් එන් ද සොයියා නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාරුකර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් ඩී ඒ රාජපක්ෂ හෙට්ටිපොල පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස මාරුකර තිඛෙනවා. 

බුලත්සිංහල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් ඒ ප්‍රේමලාල් කොත්මලේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරුකර තිඛෙනවා. කොත්මලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ පොලිස් පරීක්ෂක එච් බී එම් ඩබ්ලිව් එල් එන් බී මහගෙදර, වටවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස මාරුකර තිඛෙන බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ. 

සේවා අවශ්‍යතාව මත පොලිස්පතිවරයාගේ නිර්දේශය මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවද පොලිස් මූලස්ථානය පැවසුවා.