දෙවන ලෝක යුද්ධය පැවති සමයේ ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ගිලී ගිය රාජකීය නාවික සේවයට අයත්ව තිබූ සුප්‍රසිද්ධ නෞකාවක් වන "සගයින්" නෞකාව වසර 75 කට පසු නැවත ගොඩ ගැනීමට නාවික හමුදා කිමිදුම් අංශයට හැකිවී තිබෙනවා.
මීටර් 138 ක දිගකින් යුත් මගී සහ භාණ්ඩ ප්‍රවාහණ නෞකාවක් ලෙස යොදා ගැණුනු මෙම නෞකාව 1924 වර්ෂයේ දෙසැම්බර් මස 24 වන දින ප්‍රථම වරට දියත් කොට ඇත. එම නෞකාව 1942 වර්ෂයේ අප්‍රේල් මස 09 වන දින ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබියදී ජපාන ගුවන් යානා මඟින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයන්ට ලක්වී නෞකාව ගිනිබත් වී ඇති අතර නාවික හමුදාව විසින් පුරා මාස 05 කට ආසන්න කාලයක් කල කැපවීමකින් පසුව එම නැව යළි ගොඩ ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.