Wednesday, January 1, 2025

General line - 0115112241

මෛත්‍රී ගුණරත්නට ඇප (UPDATE)

ඩිල්ෂාන් මඩවල




කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද එක්සත් ජනතා නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න හට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී තිබෙනවා. ඒ ඔහුගේ ජීප් රථයේ තිබී හමුවූ බෝර 12 වර්ගයේ ගිනි අවි දෙක සඳහා වන නිත්‍යානුකුල බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ 

..............................................................................................

අගමැති එළවන්න නුවර සිට පාගමන් ආ මෛත්‍රී කඩුගන්නාවේදී අත්අඩංගුවට (31-03-2018 18:44)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළ කරමින් මහනුවරින් ආරම්භ කෙරුණු පාගමනට එක්ව සිටි එක්සත් ජනතා නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතිඥ මෛත්‍රී ගුණරත්න අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඒ, කඩුගන්නාව ප්‍රදේශයේදීයි. 

නීතිඥ මෛත්‍රී ගුණරත්නට අයත් බව කියන ජීප් රථයක තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක් සොයාගත් බව පොලිසිය පවසනවා. එම ගිනි අවි සඳහා බලපත්‍ර ඉදිරිපත් කිරීමට කිසිවෙකු අපොහොසත් වූ බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. නීතිඥ මෛත්‍රී ගුණරත්න අත්අඩංගුවට ගෙන ඇත්තේ ද ඒ අනුවයි.