Sunday, May 5, 2024

General line - 0115112241

ඉඩම් විකිණීමේදී අය කරන අලුත් බද්ද ගැන පැහැදිළි කිරීමක්




රජයේ නව බදු ප්‍රතිපත්තිය අනුව ඉඩම් විකිණීමේ දී බදු අය කිරීම සම්බන්ධයෙන් මේ දිනවල පැතිර යන විවිධ ප්‍රචාර පිළිබඳ රජය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

නව දේශීය ආදායම් බදු පනත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මේ ගැන කරුණු පැහැදිළි කළා.

"ඉඩම වික්කොත් ඒ ඉඩම විකිණීමෙන් ලබන මුළු ආදායමෙන් 10% ක බද්දක් හැටියට ගන්නවා කියලා බොරු ප්‍රචාර කරලා තියනවා..එහෙම එකක් නැහැ ..ඉඩමේ වටිනාකම 2017 සැප්තැම්බර් මාසේ 30වෙනිදා ලක්ෂ 09ක් නම් පර්චස් එක, ඒක අපි ලක්ෂ 10කට වික්කොත් ඒ ලක්ෂයට තමයි 10%ක් බදු ගහන්නේ.. මොකද්ද බදු මුදල රුපියල් 10,000යි… ඉතින් ඔය ඕකට තමයි බොරු ප්‍රචාර යවන්නේ.. පවුලක අම්මා, තාත්තා ඉන්නවා..දරුවෙක් ඉන්නවා..ඒ දරුවාට තෑග්ගක් දුන්නොත් ඒකට කිසිම ප්‍රාග්ධන බද්ධක් නැහැ ..ප්‍රාග්ධන බද්ධ ගන්නේ ඊට එහා ගිහිල්ලා මේක කරනවා නම්, ආදායමක් හැටියට කරනවා නම්, මුදල් හොයනවා නම්, එහෙනම් සාධාරණ නැද්ද බද්දක් ගෙවන එක.. බදුවලින් සමාජ සාධාරණත්වයක් තමයි ඇති කරන්නේ..මේ බදු තියන අගෙන් අරගෙන නැති මිනිස්සුන්ගේ කොටස වැඩි කරන්න තමයි.. මේකේ තියන විශාල අරමුණ.. ඒක තමයි මේ දේ හරහා සිදු වෙන්නේ…”