Friday, September 20, 2024

General line - 0115112241

මණ්ඩලයේ පාඩුව පාරිභෝගිකයාගෙන් අය කරගන්න යනවලු




වසරේ මුල් මාස 04 තුළදී පමණක් ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් වසරට සාපේක්‍ෂව රුපියල් මිලියන 5781 ක පාඩුවක් ලබා ඇති බව දූෂණ විරෝධී පෙරමුණ පවසනවා.

එහි උපදේශක කීර්ති තෙන්නකෝන් සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කළ වසර මැද රාජ්‍ය මුදල් තත්ත්ව වාර්තාවෙන්ද එය තහවුරු වන බවයි.

විදුලිබල මණ්ඩලයේ මෙම පාඩුව ඍජුව හෝ වක‍්‍රව විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමේ තත්ත්වයක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.