Friday, September 20, 2024

General line - 0115112241

‘මාස දෙකකට ඉන්ධන තියෙනවා’




කොළඹ වරායේ සිට නෞකා මගින් බොරතෙල් ගොඩබාන බෝයාවට සම්බන්ධ නළයක පිපිරීමක් සිදුවුවද ඉන් කිසිඳු ඉන්ධන හිඟයක් ඇති නොවන බව රජය පවසනවා.

ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ සඳහන් කළේ අදාළ නළය අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

අදාළ නළයේ පිපිරීම සිදුවූයේ පෙරේදා (22) රාති‍්‍රයේයි. මේ හේතුවෙන් තෙල් ගොඩබෑම ඊයේ (23) රාත‍්‍රිය වනවිට නතර කෙරුණා.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත පැවසුවේ මෙය අහඹු සිදුවීමක් නොව බාල නළයක් උපයෝගී කර ගනිමින් තෙල් ගොඩ බෑම මීට හේතු වි ඇති බවයි. මෙම තත්ත්වය නිසා ඉදිරියේදී තෙල් හිඟයක් ඇති වීමට ඉඩ ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මෙම නළය රටවල් 40 ක් පමණ ප්‍රතික්ෂේප කර ඇති බවත් සඳහන් කළා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ පැවසුවේ ඉන්ධන හිඟයක් ඇති නොවන පරිදි මාස දෙකකට අවශ්‍ය ඉන්ධන ගබඩා කරගෙන ඇති බවයි.